"කෙකටිය දලු
තෙම්පරාදුව"
මෙන්න මෙහෙමයි "කෙකටිය දලු
තෙම්පරාදුව" පිලියෙල කරගන්නෙ.
අවශ්‍ය ද්‍රව්‍ය
කෙකටියා දලු
මිටි 1ක්
සිහින්ව ලියා
ගත් ලොකු ලුණු ගෙඩියක් (නැතිනම් පොඩි ලුණු ගෙඩි 6ක් පමන )
සිහින්ව කපා
ගත් පොඩි තක්කාලි ගෙඩියක්
වියලි කෑලි
මිරිස් තේ හැදි 1/2 පමණ
(වැඩියෙන් මිරිස් පාවිච්චි කරන්න එපා. මෙහි ස්වභාවික රසය නැතිවෙනවා)
උම්බලකඩ
කෑල්ලක් (මේස හැදි 1ක් පමණ වන සේ
කෑලි වලට කඩා ගන්න)
අවශ්‍ය ප්‍රමාණයට
ලුණු
සාදාගන්නා ක්‍රමය
කෙකටියා දලු
වල මේරු කොටස කපා ගන්න
ඉන් පසු
හොදින් සෝදා වතුර බේරෙන්න තබන්න.
වතුර බේරුන
පසු කුඩා කැබලි (අගලක් පමණ දිග ) කැබලි වලට කපා ගන්න.
එයට ලුණු
(ලුණු කැට හෝ ලුණු කුඩු පාවිච්චි කරන්න.) , කෑලි මිරිස්, තක්කාලි හා උම්බලකඩ දමා හොදින කලවම් කරගන්න
පොල් තෙල්
ස්වල්පයක් භාජනයකට දමා මද ගින්දරේ රත්වු පසු කෙකටිය දලු මිශ්‍රණය දමන්න.
කෙකටිය දලු වල
වතුර ගතිය වැඩි නිසා පිස ගැනීමෙදි ගින්දර මදක් වැඩි කරන්න.
ඉන්පසු විනාඩි
15 ක් පමන පිස
ගෙන භාජනය ලිපෙන් ඉවතට ගන්න. (ගොඩක් වේලා වක් ගින්දර වැඩි කර පිස්ගත හොත් රසය හා
ගුණයද අඩු විය හැක.)
රස බොජුන්
ඉගි....
තක්කලි අගුණ
අයට දෙහි ඇබුල් පාවිච්චි කල හැක.
පිසුන පසු මිටි කිරි ස්වල්පයක් ඉස ගැනීමෙන් රස
වැඩි කරගත හැක.
No comments:
Post a Comment